Skip to main content

Posts

Recent posts

මාකෙළි ඇල්ල - Maakeli Falls

මාකෙළි ඇල්ල ------------------------------------------------------------------------ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මාකෙලි දිය ඇල්ල අද ඉතාම ජනප්‍රිය දිය ඇල්ලක් බවට පත්ව තිබේ. දිය ඇල්ල පිහිටි ප්‍රදේශය වර්ෂා දිනවල දී මෙන් ම සෙසු දිනවල දී චණ්ඩ ස්වභාවයක් ගනී. එම ස්ථානවලදී පසුගිය වසර 12 ඇතුළත ජීවිත හානි 15 කට ආසන්න සංඛ්‍යාවක් සිදු ව තිබේ. එම ස්ථානවල එකවර ජීවිත හානි දෙක බැගින් සිදු වූ අවස්ථා ද තිබේ. ලංකාව වැනි කුඩා දිවයිනක් තුළ මේ වනවිට සොයා ගෙන ඇති දිය ඇලි සංඛ්‍යෘව 400 ක් පමණ වේ. මින් බොහෝමයක් දිය ඇළි අප්‍රකට දිය ඇලි වේ. අගලවත්ත කෙළින්කන්ද ප්‍රදේශයේ පිහිටි මා කෙළි ඇල්ල කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය නිසා මෑත කාලයේ දී ප්‍රසිද්ධියට පත් වූ දිය ඇල්ලකි. කොඩිප්පිලිකන්ද වරතැල්ගොඩ හා කෙළින්කන්ද යන ප්‍රදේශවලින් ආරම්භ වන මාකෙළි දොළ සුන්දර මාකෙළිය ඇල්ල නිර්මාණය කරයි. උසින් මීටර් 15 ක් පමණ වන මෙම දිය ඇල්ල වසර පුරාම සක්‍රිය ව පවතින දිය ඇල්ලකි. මෙම ප්‍රදේශය ලංකාවේ වැදගත්ම ජල පෝෂක ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. මීදුම් සළු සේද පටලයකින් හාත්පස පරිසරයම වෙලාගෙන ඇත. ඈත කඳු වළල්ල දිස්වනුයේ සිහින ඡයාවක්